nsb

Dec 17, 2016

'අන්තර්ජාල වාර්තා බොරු' - ජනාධිපති කියයි (ඡායා )

වත්මන් ආණ්ඩුව සිදු කරන යහපත් දේ වෙනුවට අසත්‍ය ප්‍රචාර බොහෝමයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කෙරෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මැලේසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අද (17) බ්‍රික්ෆීල්ඩ් හි බෞද්ධ මහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු මැලේසියාවේ ප්‍රධාන සංඝනායක කිරින්දේ ධම්මරතන නාහිමියන් බැහැ දුටු අවස්ථාවේදී උන්වහන්සේ සමග සුහද කතාබහක නිරතවෙමින් එබව සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව රට ඛෙදන බවටත්, හමුදා දුර්වල කරන බවටත් පළවන එවැනි වාර්තා මුළුමනින්ම අසත්‍ය ඒවා බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

කවර ආකාරයේ බාධා පැමිණියද රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

ඩොලර් එකතු කර ගැනීම :

මේ අතර තම සංචාරයට විරෝධය පළ කරමින් කිහිපදෙනෙකු පෙරේදා සිදු කළ විරෝධතාව සම්බන්ධයෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අදහස් පළ කළේය.

එවැනි කුඩා කණ්ඩායමක විරෝධතා මහ පරිමාණ ඒවා ලෙස හුවා දක්වමින් ඩොලර් එකතු කර ගැනීම එම කණ්ඩායම්වල අරමුණ වී ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top