Dec 17, 2016

යාපනයේ රිය අනතුරට හේතුව හෙළිවේ

පුද්ගලයින් දස දෙනෙකුට මරු කැඳවමින් යාපනය චාවකච්චේරි මීසාලෙයි ප්‍රදේශයේ අද (17) පස්වරු 1ට පමණ සිදු වූ රිය අනතුරට හේතුව අධික වේගය සහ වෑන් රථයේ රියදුරුට නින්දයාම බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී ඇත.

ලංගම බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් පිරිමි පුද්ගලයින් හත් දෙනෙකු ඇතුළු දස දෙනෙකු මිය ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 21 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ප්‍රතිකාර සඳහා ඔවුන් යාපනය මහ රෝහලට ඇතුළත් කර තිබිණ.

මියගිය සියලු දෙනා වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් බව අනාවරණ වේ.

ඔවුන් හොරණ මිල්ලණිය ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා යාපනය බලා යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇත..

තුවාල ලැබූවන් අතර වෑන් රථයේ ගමන් කළ තවත් දෙදෙනෙකු ද සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top