Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 18, 2016

ඩෙංගු පැමිණිලි වලට මධ්‍යස්ථාන 3ක්

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැය 24  පුරා ක්‍රියාත්මක ඩෙංගු පැමිණිලි මධ්‍යස්ථාන තුනක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති අතර එම මධ්‍යස්ථාන සඳහා පොලිස් නිලධාරීන් අනියුක්ත කිරීමට ද සැලසුම් කර තිබේ.

දිස්ත්‍රික්ක 10කින්  ඩෙංගු රෝගීන්  බහුල වශයෙන් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි

විශේෂයෙන් කොළඹ මහ නගර සභා බල සීමාවේ මෝදර, මට්ටක්කුලිය, දෙමටගොඩ, බොරැල්ල සහ කිරුළපන යන ප්‍රදේශ ආශ්‍රිතව ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර ඩෙංගු මදුරු මර්දන වැඩසටහන සඳහා මදුරු මර්දන ක්ෂේත්‍ර සහයකයින් 500ක් බස්නාහිර පළාතට බදවා ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා  තීරණය කර තිබේ.
අද (18) දිනය වන විට ඩෙංගු රෝගීන් 48,682ක් වාර්තා වී ඇති අතර මරණ 77ක් සිදුව ඇත.
බස්නාහිර පළාත තුළ දුමායන කටයුතු සඳහා ඩෙංගු රෝගීන් වාර්තා නොවන ප්‍රදේශවල සෞඛ්‍ය සේවකයන් කැඳවීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top