15976 BM WEB BANNER 01
Dec 19, 2016

හින්දු බැතිමතුන් 2000ක් ඉන්දියා යවයි

දකුණු ඉන්දියාවේ පැවැත්වෙන හින්දු ආගමික උත්සවයකට සහභාගී වීම සඳහා උතුරේ හින්දු බැතිමතුන්ට  අවස්ථාව සලසා දී තිබේ.

ජනවාරි මස 02 වැනිදා සිට 12 වැනිදා දක්වා අදාළ හින්දු ආගමික උත්සවය පැවැත්වෙන අතර උතුරු පළාතේ හින්දු බැතිමතුන් 2000ක පමණ පිරිසක් ඊට සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටින බව සඳහන්ය.
 
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් ආරක්ෂක අමාත්‍යංශය සහ නාවික හමුදාව වෙත මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව නෞකාවකින් ඔවුන්ට ගමන් කිරීම සඳහා අවසර හිමිවී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top