15976 BM WEB BANNER 01
Dec 19, 2016

බොරු වපුරන වෙබ් වලට ජනපති අනතුරු අඟවයි

 මෙරට වෙබ් අඩවි අසත්‍ය ප්‍රකාශ පළකිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (19දා) අධිකරණ සේවා සංගමය සංවිධානය කළ ‘විනිශ්චයකාරවරුන්ගේ වාර්ෂික සමුළුවට‘ එක්වෙමින් ප්‍රකාශ කර සිටියේය.

මෙරට වෙබ් අඩවිවලින් දිනකට වැඩිපුරම නින්දා හා අපහාස ලබන පුද්ගලයාගේ වාර්තාව හිමිවී ඇත්තේ තමාට බව ජනාධිපතිවරයා කියා සිටියේය.

අන්තර්ජාල වෙබ් අඩවි නිදහස වැරදි අයුරින් පාවිච්චි කරන බවත් සුළු කොටසක් විසින් කරන එම අවිනීත සහ අශීලාචාර ක්‍රියාවන් හෙළා දකින බවත් ඒවා වැළැක්වීමට සැමවිටම කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

වත්තල ‘පෙගැසස් රීෆ්‘ හෝටලයේ පැවැති මෙම සමුළුවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top