Dec 20, 2016

ලිපි මිලියනයක් හිරවෙයි(update)

තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් ආරම්භ කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් ගෙවීගිය පැය 12ක කාලය තුළ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී ඇතැයි වාර්තා වේ.

මීට අමතරව ප්‍රාදේශීය කාර්යාලවල තවත් ලිපි ලක්ෂ 05කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී තිබෙන අතර, සිදුකරන වැඩවර්ජනය හේතුවෙන් සියලුම තැපැල් කටයුතු ඇනහිට තිබේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පෙන්වා දෙන්නේ මේ වන විට තැපැල් කාර්යාල 90 කට වැඩි සංඛ්‍යාවක සේවා නතර වී ඇති බවයි.

-----------------------------------------------------------------------------------------------------------------------------------------

නිවාඩු අවලංගුයි: තැපැල් සේවකයින් වර්ජනයේ!

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරනු ලැබුවද එම සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක කාලයක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එස්.එච්.කාරියවසම් මහතා සඳහන් කළේය.

 ඉල්ලීම් 14ක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන තැපැල් සේවකයින් සඳහන් කළේය.

කෙසේවෙතත් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ලබන 21 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යය මණ්ඩලවල නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේය.

නිවාඩු අවලංගු කිරීම තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ගැටලුවක් නොවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එස්.එච්.කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top