Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 20, 2016

සමනළ රක්ෂිතයට අනවසරයෙන් ගියොත් වෙන දේ

වනජිවි සංරක්‍ෂණ දෙපාතමේන්තුවට අයත් සමනළ ස්වභාවික රක්‍ෂිතයට අනවසරෙන් ඇතුලු වන පුද්ගලයන්ට ඉදිරියේදි දැඩි නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින් සදහන් කරයි.

පසුගිය සතියේ එම දෙපාර්තමේන්තුවට අයත් සප්ත කන්‍යා රක්‍ෂිතයේ සැරි සරන කුරු අලින් නැරඹීමට ගොස් පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් රක්‍ෂිතය තුළ අතරමං වීම සහ ඔහුන් සොයා ආරක්‍ෂක අංශ සහ ප‍්‍රදේශවාසින් විසින් රක්‍ෂිතයට ඇතුලුවිම හේතුවෙන් එම රක්‍ෂිතයේ ස්භාවික පරිසරයට හා නිදහසේ සැරි සරන සිව්පාවුන් ඇතුලූ පක්‍ෂීන්ට සිදුවන හිරිහැර හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේ.

එම රක්‍ෂිතවලට මහජනතාවට ඇතුලු විය හැකි ස්ථාන වල රක්‍ෂිතයට ඇතුල්විම තහනම්කර ඇති බවට දැන්විමි පුවරු ගණනාවක් සවිකරමින් ජනතාව දැනුවත් කිරීමට නියමිතය.

දැනට එම රක්‍ෂිතය තුළ සිටින කුරු අලිරංචුවට අවශ්‍ය පරිසරය හා බට කොළ, කිතුල් ගස් ඇතුලු ආහාර අවශ්‍ය තරම් තිබෙන නිසා එම අලින් නිදහසේ රක්‍ෂිතය තුල වෙසෙයි. පරිසරයට මිනිසුන්ගෙන් බලපෑම් එල්ල වුවහොත් ඉදිරියේදී ශ්‍රී පාදරක්‍ෂිතය හා සප්තකන්‍යා රක්‍ෂිතයේ වෙසෙන අලින් ඒ අවට තිබෙන ගම්මාන වලට පිවිසීමෙන් අලි මිනිස් ගැටුම් ඇතිවීමේ අවධානමක් පවතින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලය සදහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top