Dec 20, 2016

වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් අල්ලයි

වව්නියාවට රැගෙනවිත් අළෙවි කිරීමට සූදානම් වූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සැකකරුවන් තුන්දෙනෙකුද සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැදවච්චියේ සිට මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය රැගෙන විත් ඇත්තේ බලපත‍්‍ර නොමැතිවය.

ජෙලග්නයිට් කූරු 200 ක්, කැප් රෝල් 200 ක් සහ සේවා නූල් ඊට අයත් වේ. පුපුරණ ද්‍රව්‍ය යොදා නීතිවිරෝධීව මසුන් මරණ පිරිසකට මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අළෙවි කිරීමට සැලසුම් කර තිබූ බව වාර්තාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top