nsb

Dec 20, 2016

'ගලදාරි' හෝටලයේ නිලධාරියකුට ලිංගික අපචාර චෝදනා

ලිංගික හිංසනයක් සිදුකළ බවට චෝදනා ලබන ශ්‍රී ලංකාවේ තරු පහේ හෝටලයක ආරක්ෂක උප කළමණාකාරවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තිය සමිතියක් එම හෝටලයේ සාමාන්‍යාධිකාරී වරයාගෙන් ඉල්ලා සිටී.

කොළඹ 01 පිහිටි ගලදාරි හෝටලයේ උප ආරක්ෂක කළමණාකාරවරයා විසින් දෙසැම්බර් මස 03 දින පෞද්ගලික ආරක්ෂක අංශයේ නියාමකවරියකට ලිංගික බලපෑමක් කළ බව හෝටලයේ පෞද්ගලික ආරක්ෂක අංශය වෙත ඇය පැමිණිලි කර තිබෙන බව හෝටලයේ සාමාන්‍යාධිකාරි වරයා වන සම්පත් සිරිවර්ධන වෙත ලිපියක් යොමු කරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පවසයි.

එම පැමිණිල්ල ආරක්ෂක සටහන් පොතේ සටහන් කර සිදුවීම තහවුරු කර තිබෙන බවද එම ලිපියේ සඳහන්ය.

තම නිලය භාවිත කර ගනිම්න් සේවිකාවන්ට ලිංගික හිංසනය සිදු කළ තැනැත්තා සේවයට වාර්තා කිරීම හේතු කොට ගෙන සේවකයන් නොසන්සුන්තාවයට පත්ව ඇති බවද එම ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

විධායක නිලධාරීන්ට පුළුවන්

සේවකයන් නොසන්සුන්තාවයට පත් වීම හේතුවෙන් දෙසැම්බර් මස 15 වන දින මානව සම්පත් කළමණාඅකාරවරිය හමුවීමට ශාඛා නිලධාරීන් කටයුතු කර තිබෙන අතර එහිදී ඇය ඔවුන් වෙත පවසා ඇත්තේ “විධායක නිලධාරීන් හට එලෙස කළ හැකි බවයි”.

සේවිකාවන් විශාල පිරිසක් සේවය කරන ගලදාරි හෝටලයේ මානව සම්පත් කළමණාකාරවරියම එවැනි ප්‍රකාශයක් සිදු කිරීම බරපතල තත්වයක් බව එම ලිපිය මගින් අන්තර් සමාගම් සේවක සංගමය පෙන්වා දෙයි.

ඇයගේ ප්‍රකාශය තුලින් මේ වන විට සේවකයන් විශ්මයට පත්ව ඇති අතර මේ හරහා ගලදාරි හෝටලයේ සේවිකාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්වයක් මතුවී ඇති බව එම ලිපිය මගින් වැඩි දුරටත් අවධානයට ලක් කර ඇත.

අන්තර් සමාගම් සේවක සංගමය විසින් ගලදාරි හෝටලයේ සාමාන්‍යාධිකාරී වරයා වෙත යොමු කළ ලිපියේ පිටපත් කම්කරු කොමසාරිස් – කාන්තා හා ළමා කාර්යාංශය, සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් ලංකා සේව්‍යයන්ගේ සම්මේලනය වෙතද යොමු කර තිබේ.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top