Dec 21, 2016

'පුංචි ඡන්දේ මැයි : කොට්ඨාශ ක්‍රමයට' -ජනපති කියයි

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අප්‍රේල් හෝ මැයි පැවැත්වීමට හැකිවනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දිස්ත්‍රීක් සහ ආසන සංවිධායකවරුන් සමග කොළඹ පදනම් ආයනයේ  ඊයේ (20) පැවති  විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එබව සඳහන් කල බව එම සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රීලනිප හෝමාගම ආසන සංවිධායක, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පැවසිය.

 “ජනාධිපතිතුමා පළාත් පාලන මැතිවරණය ගැන කතා කරමින්  කිසිඳු ආකාරයකින් ඡන්දෙ පැවැත්වෙන්නේ අනුපාත ක්‍රමයට නෙමෙයි කියල අවධාරණය කළා. ඡන්දෙ තියන්නේ  කොට්ඨාශ ක්‍රමයටයි කිව්වා. ඒ නිසා සංවිධායකවරු ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න කියලා කිව්වා.” යයි තිලකසිරි මහතා  කියා සිටියේය.

ඊට අදාළ ගැසට්‌ නිවේදනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව එම හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කල බව ඔහු වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top