Dec 21, 2016

‘මාධ්‍යවේදියාට පහර දීම : ක්‍රියාමාර්ග හෙළි කරකරන්න'

පසුගියදා හම්බන්තොට වරායේ සේවක උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය  රෝෂාන් ගුණසේකර මාධ්‍යවේදියාට නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

එම සිද්ධියට දින 10ක් ගතවී ඇතත් පරීක්ෂණ වල ප්‍රගතිය හෝ නිගමන මෙතෙක් ප්‍රකාශයට පත් කර නැති බව එම සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ මහතා පවසයි.

පහරදීම සාධාරණීකරණය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා, වරාය ඇමති මෙන්ම අගමැතිවරයාද පළ කළ අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවත් ඔවුන් හමුදාපතිවරයා බේරාගැනීමේ උත්සාහයක  නිරත වන බවත් රුහුණගේ මහතා සඳහන් කරයි.

මෙම මාධ්‍යවේදියාට නාවික හමුදාපති පහරදීම සම්බන්ධයෙන් අද‍ාල මාධ්‍යවේදියා විසින්ම හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි කාර්යාලයයේ පැමිණිල්ලක් කර තිබේ.

 ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයද නාවික හමුදාපතිවරයාට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක් කර තිබේ. එම පැමිණිල්ල විභාග කරන ලෙස දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැන් වූ බව පොලිස්පතිවරයා දන්වා තිබුණත් විමර්ශන ආරම්භ වු බවක් නොපෙනෙන බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top