nsb

Dec 21, 2016

347 දෙනෙකුගේ මරණවලට දුම්රිය හේතුවූ හැටි

මෙම වර්ෂය තුළ දුම්රිය අනතුරුවලින් පුද්ගලයින් 347 දෙනෙකු මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


ඒ අනුව ධාවනය වෙමින් තිබූ දුම්රියවලින් ඇද වැටීමෙන් සිදු වූ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 58 දෙනෙකු මියගොස් ඇත.

දුම්රිය හරස් මාර්ගවල සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇත.

දුම්රියට  පැන සියදිවි හානි කරගත් බවට තහවුරු වූ මරණ සංඛ්‍යාව 31කි.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ දුම්රිය අනතුරුවල ඉහළයාමක් ඇති අතර ජංගම දුරකථන භාවිතය හේතුවෙන් සිදුවූ අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top