nsb

Dec 22, 2016

ලාංකික තානාපතිවරුන්ගේ ආරක්ෂාව ගැන බලයි

විදෙස් රටවල සිටින මෙරට තානාපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

විශේෂයෙන් රුසියානු තානාපතිවරයා ඝාතනයෙන් පසුව මේ සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කළ බවද විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මහේෂණී කොලොන්නෙ මහත්මිය පැවසුවාය.

එමෙන්ම මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට පහරදීමේ සිද්ධියෙන් අනතුරුව ඔහු වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස එරට රජයට දැනුම්දීමෙන් පසුව එය මේ දක්වාත් ක්‍රියාත්මක වන ඇය සඳහන් කර සිටියාය.

තානාපතිවරයෙකුට ලබාදිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින සම්මුතීන් අනුව කටයුතු කරන බවද විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මහේෂණී කොලොන්නෙ මහත්මිය වැඩිදුරටත් පවසා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top