Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 22, 2016

පොළොන්නරුවේ වැලි ප්‍රශ්නයක්

පොළොන්නරුව මනම්පිටිය ඇතුළු  ස්ථාන නවයකින් වැලි නිකුත් කිරීම අද (22දා) සිට දින නියමයක් නොමැතිව කල් දැමීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වැලි ප්‍රවාහන ටිපර් රථ හිමියන් පවසයි.

බදාදා (21දා) රාත්‍රියේ තම නිල රථයට සහ පෞද්ගලික වාහනයට ස්ථාන දෙකකදී  ගල් මුල් ප්‍රහාර එල්ල කළ පිරිස අත්අඩංගුවට ගන්නාතුරු වැලි නිකුත් කිරීම කල් දමා ඇතැයි මහවැලි හා පරිසර අමාත්‍යංශය යටතේ පවතින මනම්පිටිය ජී.එස්.එම්.බී තාක්ෂණික සේවා සමාගමේ ව්‍යාපෘති කළමනාකාර තරිඳු වික්‍රමනායක මහතා පවසයි.

වැලිකන්ද , මනම්පිටිය, අරලගංවිල, ලංකාපුර ඇතුළු ස්ථාන නවයකින් වැලි නිකුත් කිරීම කල් දමා ඇති අතර වික්‍රමනායක මහතාගේ පැමිණිල්ල අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය සමග සේවකයින් 400 ක පිරිසක් වැලි ටිපර් රථ හිමියන්, රියදුරන් 200ක් මෙන්ම කම්කරුවන් රැසක් දැඩි පීඩාවට පත්ව සිටන බව වාර්තාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top