nsb

Dec 22, 2016

හඳුන්නෙත්තිගෙන් කථානායකට ලියුමක්

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති කථානායකවරයා වෙත ලිපියක් යවා ඇත.

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය  සම්බන්ධයෙන් කෝප් සභාව විසින් පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු වාර්තාවට අදාළව අග්‍රාමාත්‍යවරයා විසින් නීතිපතිවරයාගේ අදහස් විමසීම ප්‍රශ්න කරමින් මෙය යොමු කර තිබේ.

 පාර්ලිමේන්තුව සතු ලේඛනයක්  සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ කථානායකවරයා බව මෙමගින් පෙන්වා දී ඇත.

ඒ අනුව අදාළ වාර්තාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් නීතිපතිවරයාගේ අදහස් විමසීම, කථානායකවරයාගේ වගකීම් අග්‍රාමාත්‍යවරයා විසින් පවරා ගැනීමක් බව එහි වැඩිදුරටත්වේ.

මෙම කරුණු සැලකිල්ලට ගෙන අදාළ වාර්තාව ලබන වසරේ පළමු පාර්ලිමේන්තු සභා වාරයේදීම විවාදයට ගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු විධිමත්ව සිදුකරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද  සභාපතිවරයා සිය ලිපිය මගින් ප්‍රකාශ කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top