Dec 23, 2016

නත්තලට ගමන් යන්න ලේසි කරයි

නත්තල් නිවාඩුව වෙනුවෙන් හෙට සහ අනිද්දා අතිරේක දුම්රිය ධාවනය කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරයි.

නත්තල සහ නව වසර උදාව වෙනුවෙන් ඉදිරි දින කිහිපයේ දී අතිරේක බස් රථ ද ධාවනය යෙදවීමට නියමිතව තිබේ.

නත්තල් නිවාඩුවේ දී සහ නව වසර උදාවේ දී මගීන්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා අතිරේක සේවා සිදු කරන බව පෞද්ගලික බස් හිමියන් ද කියා සිටියි.

මේ අතර මෙම උත්සව සමයේ දී නගරවල ආරක්ෂාව සඳහා අතිරේක නිලධාරීන් සේවයට යොදවා ඇත.

ඇතැම් නිලධාරීන් නිල ඇඳමින් ද ඇතැම් නිලධාරීන් සිවිල් ඇඳුමින් ද රාජකාරියේ යෙදී සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top