Dec 25, 2016

විහාරමහාදේවි නත්තල් කලාපය විවෘතයි

කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන නත්තල් කලාපයේ නත්තල් ගස විවෘත කිරීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ සිදු කෙරිනි.

ව්‍යාපාරික ප්‍රජාව සහ රාජ්‍ය ආයතන ඒකාබද්ධව මෙම නත්තල් කලාපය සංවිධානය කර තිබුනි. නත්තල් ගස විවෘත කිරීමෙන් පසු නත්තල් කළාපයේ නිරික්ෂණය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා එක්විය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසිය.

 "මම ඇමරිකාවේ ටෙක්සාස් ,ලොස් ඇන්ජලීස් සහ වෝෂිංටන් යන නගරවල පසුගියදා සංචාරය කළා. නමුත් ලංකාවේ තරම් නත්තල් සැරසිලි එම නගරවල දක්නට ලැබුනේ නැහැ. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ව්‍යාපාරික ප්‍රජාව එකතුව කොළඹ නගරයේ මෙලෙස පවත්වන නත්තල් කළාපය ඉතා විශිෂ්ටයි.

යහපාලන රජය තුලින් 2017 වසරේ දී මිට වඩා හොද නත්තල් කලාපයක් ඇති කිරීමට කටයුතු කරනවා. විදේශිය රටවල ජනතාවට තරම් ශ්‍රී ලාංකිකයින්ට විනෝදවීමේ අවස්ථා ඉතාම අවමයි. මෙම නත්තල් කළාපය සංචාරක ව්‍යාපාරයට ද රුකුලක් වනවා.” යැයි ද පැවැසීය.

මෙම අවස්ථාවට ඡෝන් අමරතුංග, විජයදාස රාජපක්ෂ, චන්ද්‍රානි බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරුන් සහ කාවන්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, දිනේෂ් වීරක්කොඩි මහතා ද එක්ව සිටියහ.

mysity1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top