Dec 25, 2016

‘වික්‍රමසිංහ දැන් වික්කමසිංහ වෙලා’ - විමල් (වීඩියෝ)

රටේ සම්පත් විකුණා දමන වත්මන් ආණ්ඩුවට එරෙහිව ලක්‍ෂ ගණනින් පාරට බැස ගෙදර යන ලෙස බලකිරීමේ කාලය දැන් එළඹ ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පවසයි.

මාලඹේ සාලවනඋයන විහාරස්ථානයේදී පැවැති පාසල් දරුවන්ට පොත්පත් හා උපකරණ බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා එබව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන්කර සිටියේය.


''අද රටේ සම්පත් විකුණාගෙන කෑම අරඹලා. එදා පෝට්සිටිය හදනකොට, ‘මේ රට චීන කොලනියක් බවට පත් කරනවා’ කියලා කෑගහපු රනිල් වික්‍රමසිංහ මහතා අද හම්බන්තොට වරාය චීනයට විකුණා දමා තිබෙනවා. ඒ වගේම හම්බන්තොටින් අක්කර 15,000ක් චීනයට දෙන්න හදනවා.

මට එක් තරුණයකු කීවා ‘දැන් නම් අගමැතිතුමාගේ නම වෙනස් කරන්න කාලය හරි’ කියලා. ‘රටේ වටිනා සම්පත් තුට්ටු දෙකට විකුණලා සිංහයකු වෙන්න හදන වික්‍රමසිංහගේ නම ‘වික්කම සිංහ’ විදියට වෙනස් වුණොත් හොඳයි’ කියලයි ඒ තරුණයා කීවේ. මම කල්පනා කළේ මේ අගමැතිවරයාට ‘වික්‍රමසිංහ’ කියනවාද, ‘වික්කමසිංහ’ කියනවාද කියලයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top