nsb

Dec 26, 2016

කඩා වැටුණු ගුවන් යානයේ සුන්බුන් හමුවේ (update)

කළු මුහුදට කඩා වැටුණු රුසියානු ගුවන් යානයේ සුන්බුන් සහ එහි ගමන් ගත් මගීන් 11 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අද(26)  දිනය ජාතික ශෝක දිනයක් ලෙස රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

---------------------------------------------------------------------------------------------------------------------------

රුසියානු ගුවන් යානයක් කඩා වැටේ

රුසියානු හමුදා ප්‍රවාහන ගුවන් යානයක් පුද්ගලයන් 92 දෙනෙකු සමග කළු මුහුදට කඩා වැටී ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.

එරට වේලාවෙන් අලුයම 5.20ට සෝචි වෙතින් ගුවන්ගත වූ යානය ඉන් විනාඩි 20කින් පමණ රේඩාර් තිරයෙන් අතුරුදන්ව ගිය බවත්, යානයේ සුන්බුන් හා එක් මළ සිරුරක් සොයාගැනීමට හැකිවී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

Tu-154 වර්ගයේ හමුදා ප්‍රවාහන ගුවන් යානය සිරියාවේ ලටාකි දක්වා පියාසර කරමින් තිබියදී මෙසේ අනතුරට පත්ව ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දී ඇත්තේ මෙම කණ්ඩායම නව අවුරුද්ද සඳහා විශේෂ වැඩසටහනකට එක් වීමේ අරමුණින් පියාසර කළ බවයි.

ගුවන් හමුදාා යානයේ සිටි පිරිසගේ ලැයිස්තුව මෙසේය.
කාර්ය මණ්ඩල සාමාජිකයින් - 8යි
ජනමාධ්‍යවේදීන් - 9යි
ගුවන් හමුදා සාමාජිකයින් - 8යි
හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයින් - 64යි
සිවිල් සේවකයින් - 2යි
රුසියාවේ ප්‍රධාන පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක්

rusia

rusia2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top