nsb

Dec 26, 2016

කාන්තාවක් මියයාම;නෙවිල් ප්‍රනාන්දු රෝහල කියන දේ (update)

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුව ජීවිතක්ෂයට පත්වූ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහල නිවේදනයක් නිකුත් කර තිබේ.

එම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් රෝහලේ කිසිඳු අතපසුවීමක් සිදුව නොමැති බවත් කිසිදු නොසැලකිලිමත් භාවයක් සිදුව නොමැති බවත් එම මරණය පිළිබඳව පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට තමන් සූදානම් බවද එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතු නිවේදනයේ සදහන්ය.

Newilfer

--------------------------------------------------------------------------------------------------------------------------------

නෙවිල්  ප්‍රනාන්දු රෝහල තවත් ජීවිතයක් බිලි ගනියි

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට ඇතුළත්ව ශල්‍යකර්මයකට භාජනය වූ තිස්පස් හැවිරිදි විවාහක කතක් ශල්‍යකර්මය අතරතුර පසු ගිය 23 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉරේෂා සඳමාලි නැමැත්තියකි.
 
රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුව ඇති බවට ඥාතීන් චෝදනා කරන අතර මීට පෙර 2014 වර්ෂයේදී ඩෙංගු රෝගය වැළදී මිය ගිය කවීෂ මධුෂාන් දරුවාගේ මරණයේදීද මෙම චෝදනාව මෙම ආයතනයට එල්ල වී තිබිණි.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ප්‍රධාන කිරීමේ ආයතනයේ ශීක්ෂණ රෝහල ලෙසද භාවිතා කරනු ලබයි.

මෙය ප්‍රමිතියෙන් තොර රෝහලක් බව වෛද්‍ය සභාව විසින්ද තහවුරු කර ඇත.

මීට පෙරද මෙම රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත රෝගීන් කිහිපදෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
සයිටම් වෛද්‍ය පුහුණු ආයතනයේ රෝහලේ තත්වය මෙසේ නම් එයින් බිහිවන වෛද්‍යවරුන් ගේ ගුණාත්මක තත්වය පිළිබඳවත් අනාගතයේදී ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍යට එල්ල වන තර්ජනය පිළිබඳවත් අපට හොඳින් පුරෝකථනය කළ හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
අදාළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

ACMOA

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top