nsb

Dec 26, 2016

ගුවන් සේවා අධිකාරියේ බොනස් වෙබ්වලට ගෙවන්න කියයි

ගුවන් සේවා අධිකාරියේ ඉහළ පරිපාලනය විසින් සිදුකළ දූෂණ හා අක්‍රමිකතා පසුගිය දින කිහිපයේම විවිධ වෙබ් අඩවි වලින්  හෙළි කිරීම හේතුවෙන් අධිකාරිය මෙවර බෝනස් දීමනාව හිතා මතාම පමා කරන බව වාර්තා වේ.

වසර 2013 සාපේක්ෂව 2015 වසරේ ගුවන් සේවා අධිකාරිය 67% ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලබාඇති අතර එනම් වාර්ෂික ආදායම රුපියල් මිලියන 1,579ක් වන අතර ශුද්ධ ලාභය රුපියල් මිලියන 871කි.

අසිරිමත් නත්තල සමරන විවිධ තලයන්හි නිලධාරීන් කිහිප දෙනකු සිටියද ද්වේශ සහගත ලෙස බෝනස් ලබාදීම නවතා ඇති බව එහි සේවකයෝ පවසති.  

පසුගියදා සේවකයින් කිහිපදෙනකු එක්ව මූල්‍ය අංශ ප්‍රධානියාගෙන් බෝනස් පිළිබඳ විමසූ විට ඔහු කියා ඇත්තේ ‘බෝනස් ඔය වෙබ් සයිට් වලින්ම ඉල්ල ගනිල්ලා‘ යනුවෙනි.

වසර ගණනාවක් පුරාවට අධ්‍යක්ෂ ජනරාල්වරයා තම ඒකාධිපති බලතල පාවිච්චි කරමින් සඟවාගත් දූෂණ අක්‍රමිකතා නිරුවත වෙබ් අඩවි මගින් හෙලිකිරීම පිළිබඳ අධිකාරී සේවකයින් ස්තූතිය ශ්‍රී ලංකා මිරර් ඇතුළු වෙබ් අඩවි වෙත පුදකර තිබේ.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පසුගිය 22 දා සිය සේවකයින්ට බෝනස් දීමනාව ලබාදී ඇති බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top