15976 BM WEB BANNER 01
Dec 26, 2016

ඉන්දියාවෙන් ලංකාවේ ගුවන් කලාපයට සීමාවක්

ඉන්දියාව විසින් අද දිනයේදී රොකට් කිහිපයක් අත්හදා බලන හෙයින් ශ්‍රී ලංකා ගුවන් කලාපයේ නැගෙනහිර සීමාවේ ගුවන් ගමන් හැසිරවීම ප්‍රමාද කරන ලෙස දන්වා ඇත.

ඒ අනුව උදෑසන 8.30 සිට 12.30 දක්වා ශ්‍රී ලංකාවේ නැගෙනහිර ගුවන් කලාපයේ ගුවන් ගමන් සිදුනොවේ. මෙම අත්හදා බැලීම හේතුවෙන් ගුවන් ගමන් වාර 10ක් පමණ ප්‍රමාද වන බව වාර්තාවේ.

ජකර්තා, සිංගප්පූරුව හා ක්වාලම්පූර් බලා උදෑසන 7.20ත් 7.30ත් අතර ගමන් කිරීමට තිබූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් තුනක් මේ වන විට අත්හිටුවා තිබේ.

ඒවා මධ්‍යාහ්න 12 පසුවී ගමන් කිරීමට නියමිතය.

ඉන්දියාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට සිටි ගුවන් ගමන් වාරද අත්හිටුවා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top