nsb

Dec 26, 2016

ටිකට් නැති මගීට දෙන දඩුවම අලුත් වෙයි

ටිකට්පතක් නොමැතිව ගමන්ගන්නා මගීන්ගෙන් අය කරන රුපියල් 250 ක දඩ මුදල රුපියල් දහසක් දක්වා ඉහළ දමන ලෙසට රජයට යෝජනා කළ බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේය.

එසේම මුදල් ලබාගෙන ටිකට්පත් ලබානොදෙන කොන්දොස්තරවරුන් සේවයෙන් ඉවත් කිරීමටද කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.

ටිකට්පත් නොමැතිව බස් රථවල ගමන්ගන්නා මගීන්ගෙන් දැනට ගමන් ගාස්තුව මෙන් දෙගුණයක දඩ මුදලක් හා රුපියල් 250 ක දඩ මුදලක් අය කර ගනී.

නමුත් දුර ගමන් සේවා බස් රථවල ගමන් ගාස්තුව රුපියල් 600 දක්වා ඉහළ ගොස් තිබෙන නිසා, දඩ මුදල රුපියල් දහසක් දක්වා ඉහළ දමා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් අය කරගැනීමට රජයට යෝජනා කළ බවද හෙතෙම සදහන් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top