15976 BM WEB BANNER 01
Dec 26, 2016

තාජුඩීන්ගේ සොහොයුරාගෙන් ප්‍රකාශයක් ගන්න කියයි

රගර් ක්‍රිඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු  ස්ථානාධිපතිවරයා ජනවාරි මස 06 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

සිද්ධිය වූ කාලසීමාවේදී නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති සුනිල් පෙරේරා  මහතා විසින් වසීම් තාජුඩීන්ගේ සහෝදරයෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාජුඩීන්ගේ සහෝදරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලූ අතර අධිකරණය ඊට අවසර ලබා දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top