Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 27, 2016

බෝපගේ ජනාධිපති කාර්යාලයට !

නිමල් බෝපගේ මහතා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවත් කර ජනාධිපති කාර්යාලයේ ලේකම්වරයකු ලෙස පත්කිරීමට නියමිත බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඔහුට එරෙහිව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50කට වැඩි පිරිසක් ජනාධිපතිවරයාට ලබාදී ඇති ලිපිය මීට ආසන්න හේතුව වී ඇති බව වාර්තා වෙයි.

නිමල් බෝපගේ මහතා පසුගියදා මාධ්‍ය හමුවේදී පැවසූ කරුණු හේතුවෙන් රජය අපහසුතාවයට පත්වූ බවත් ජ්‍යෙතිශ මත සම්බන්දයෙන් වැදගත් නොවන කරුණක් වෙනුවෙන් මේ ආකාරයේ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම ගැන රජයේ බොහෝ මැති ඇමතිවරැන් විරෝධය පල කර ඇතැයිද වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 56 දෙනෙකු සඳහා කුලී පදනම මත ජීප් රථ ලබා දීමට මුදල් අමාත්‍යංශය ගත් තීරණයට අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා වූ ලියකියවිලි වලට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස නිමල් බෝපගේ මහතා අත්සන නොකිරීම නිසා ඔහු අගමැතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව සිටියි.


සබැඳි පුවත්

'අත්සන් කරන්න බැරිනම් ගෙදර යන්න' - අගමැති, බෝපගේට කියයි
මන්ත්‍රී ‘රෙන්ට් අ කාර්‘ යෝජනාවට ජනමාධ්‍ය ලේකම් එරෙහිවේ !

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top