Dec 28, 2016

නව ව්‍යවස්ථාවකට පෙර 20 වන සංශෝධනයක් !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන අතර ඊට ප්‍රථම 20 වන ව්‍යාවස්ථා සංශෝධනය ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන ඇමති එස්.බී දිසානායක මහතා පවසයි.

ජනමත විචාරණයකට නොයා 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල අවම කැර ගැනීමේ කාර්යයට ජනාධිපතිවරයා එකඟ වූ නමුත් යම් යම් අයගේ අකමැත්ත නිසා 20 සංශෝධනය මෙතෙක් ගෙන ඒමට නොහැකි වූ බවද හෙතෙම කීය.


මහ මැතිවරණයත් කොට්ඨාස ක්‍රමයට:


කෙසේ නමුත් ඡන්ද ක්‍රමය වෙනස් කරමින් පළාත් පාලන ඡන්ද ක්‍රමය කොට්ඨාස ක්‍රමයට මෙවර පැවැත්වෙන අතර ඒ අයුරින්ම මනාප ඡන්ද ක්‍රමය වෙනුවට නව ඡන්ද ක්‍රමයක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා 20 වැනි සංශෝධනයක් ගෙන ඒමට ශ්‍රීලනිපය තීරණය කර තිබෙන බව ද ඔහු කියා සිටියේය.

ඒ අනුව ආසනයකට පක්ෂයකින් එක් අපේක්ෂකයෙකු පමණක් ඉදිරිපත් කරන ආකාරයට ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමෙන් දැනට පවතින මනාප ක්‍රමයේ ඇති වන ගැටලු යළි ඇති නොවන ආකාරයට මෙම සංශෝධනය ඉදිරිපත් කෙරෙන බවද ඇමතිවරයා සඳහන් කළේ ය.

(මූලාශ්‍රය -දිනමිණ)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top