Dec 28, 2016

ඝාතනයට ලක්වු මාධ්‍යවේදියකු තිස් වසරකට පසු සැමරේ (වීඩියෝ)

දශක තුනකට ඉහතදී ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදියකු සිහිකරමින් මුල්ම වතාවට ගුණ සමරුවක්  අම්පාරේදී පවත්වා තිබේ.

අම්පාර දිස්ත්‍රික් දෙමළ මාධ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් පසුගිය ඉරිදා (25) අම්පාර ආලේඩ් වෙම්බු සංස්කෘතික ශාලාවේදී අනුස්මරණය කර ඇත්තේ 31 වසරකට ඉහතදී රජයේ ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්වු මාධ්‍යවේදී කනපතිපිල්ලේ තේවරාසා යි.

වර්ෂ 1985 දෙසැම්බර් 25 වැනි දින අක්කරේපත්තු ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී  ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු අම්පාර කොන්ඩෙයිපෙට්ටුවාන් කදවුරේ රදවා තිබා තිබේ.

විරකේසරී පුවත්පතේ  මාධ්‍යවේදී  කනපතිපිල්ලේ තේවරාසා ගේ මළ සිරුර පසුව හමුවී ඇති අතර එවකට විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කර තිබුනේ කනපතිපිල්ලේ තේවරාසා කඳවුරෙන් පැන යෑමට උත්සාහ කිරීමේදී වෙඩි වැදීමකට ලක්ව ඇති බවයි.

මාධ්‍යවේදී තේවරාසාගේ ගුණානුස්මරණයට සහභාගී වී ඇති දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේත්‍රන් මහතා පවසා ඇත්තේ මාධ්‍යවේදී  කනපතිපිල්ලේ තේවරාසා සමරන  පළමු අවස්ථාව මෙය වන බවය.

එමෙන්ම ඔහුගේ මරණය සිදුවුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ඉදිරියේදී ක්‍රියා කිරීමේ හැකියාව පවතින බවටද ඔහු විශ්වාසය පල කර තිබේ.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top