15976 BM WEB BANNER 01
Dec 28, 2016

රත්නසිරිගේ අවසන් පාර්ලිමේන්තු ගමන(ඡායා)

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙ ගෞරවය සඳහා අද (28දා) පාර්ලිමේන්තුවට ගෙන ආවේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා කතානායක කරු ජයසූරිය මහතා ප්‍රධානව ඔහුගේ දේහය  බාර ගෙන තිබේ.

ශෝක දිනයක් නෑ


රජය ප්‍රකාශයට පත් කළ ශෝක දිනය හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ ඥාතීන්ගේ ඉල්ලීම මත අවලංගු කළ බව ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන මහතා පවසා සිටියි.

RathnasiriFunaral

(ඡායා-අද)

update-14.00pm

--------------------------------------------------------------------

දෙසැම්බර් 30 ශෝක දිනයක් කරයි

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන  රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය වෙනුවෙන්  දෙසැම්බර් 30 වැනි දා ජාතික ශෝක දිනයක් ලෙස නම් කර  ඇත.

කෙසේ වුවද ස්වදේශ කටයුතු අමාත්‍යංශයේදී අද පෙවරුවේ පැවැති මාධ්‍ය  හමුවකදී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ ලබන 31 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.

එහෙත් එම අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලබන 30 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇති බවයි.

එදිනට  සියලුම රාජ්‍ය  හා පෞද්ගලික ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර  තබන ලෙස ඇමැතිවරයා ඉල්ලා  සිටියි.

 අවසන් සිදු කෙරෙන දිනය හෝ ස්ථානය සංශෝධනය කර නොමැති අතර ලබන 31 වනදා හොරණ ක්‍රීඩාංගණයේදී අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත.

සබැඳි පුවත්


රත්නසිරි සමුගනියි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top