nsb

Dec 28, 2016

වවුනියාවේ මාධ්‍යවේදියෙකුට මැර තර්ජන

''තීපම්'' පුවත්පතේ වවුනියාව ප්‍රාදේශීය මාධ්‍යවේදී කුමාරසිංහම් ගෝකුලන් මහතාගේ නිවසට කිසියම් පිරිසක් බොතල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තාවේ.

ප්‍රහාරයෙන් කිසිවකුටවත් හානි සිදුව නැති අතර මාධ්‍යවේදියාගේ නිවසේ දොර හා ජනෙල් වලට අලාභහානි සිදුවී ඇත.

 නාදුනන පිරිසක් මෑතක සිට දුරකතනයෙන් තර්ජන එල්ල කරන බවත් 27 දා රාත්‍රියේදී යතුරු පැදියකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කොට පලා ගිය බවත් ගෝකුලන් මහතා කියයි.

වවුනියාව හා මන්නාරම දිසාවන් බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top