Dec 28, 2016

ප්‍රින්ස්ට යළිත් අසාධ්‍යයි

ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත යළි කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුගේ සොහොයුරිය වන ශිරෝනි ප්‍රියංගිකා ප්‍රනාන්දු ඔහුගේ රෝගී තත්වය පිළිබදව මෙසේ පවසා සිටියි.

"මේ වන විට ප්‍රින්ස්ට සිහිකල්පනාව නම් සියයට පණහක් පමණ තියෙනවා.

තවම ඔහු වෙනුවෙන් (ඉන්ජෙක්සන්) ප්‍රතිකාර ක්‍රියාවලියක් සිදුකෙරෙනවා.

ඒ ඉන්ජෙක්ෂන් එක දවසට ලක්ෂ පහක් පමණ වෙන අත්‍යවශයම ක්‍රියාවලියක්. දවස් පහක් පමණ එය ලබා දිය යුතුයි.

දැනට දවස් දෙකක් ලබා දුන්නා. තව දවස් තුනක් පමණ ලබා දිය යුතුයි...''

ප්‍රින්ස්ට උපකාර කිරීම සදහා පහත දුරකථන අංකයට අමතන්න. 076-9111838

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top