Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 29, 2016

'අමුතු පොතෙන් පාඩු නෑ-චෝදනා එපා'

කෘත්‍රීම කඩදාසි යොදාගනිමින් 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත මුද්‍රණය කිරීමෙන් කිසිඳු මුදල් නාස්තියක් හෝ අයහපතක් සිදුව නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අදාළ චෝදනාව පදනම් විරහිත හා අතාර්කික බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

භූගෝල විද්‍යා පොත්වල සිතියම් ආශ්‍රිතව සහ වර්ණ ආශ්‍රයෙන් ප්‍රශ්න ගොඩනැගෙන බැවින් ඉතා නිවැරදි සිතියම් හා වර්ණ මුද්‍රණය වී තිබීම අත්‍යවශ්‍ය වන අතර ඕෆ් සෙට් ක්‍රමයට මුද්‍රණය කිරීම තුළින් ඉතා ඉක්මණින් කිලිටිවීමේ වැඩි අවධානමක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම නිසා කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස 2017 වසර වෙනුවෙන් 7 වසර භූගෝල විද්‍යා පෙළ පොතේ පිටපත් ලක්ෂ පහක් මුද්‍රණය කිරීමට පියවර ගෙන ඇති අතර මෙහිදී කිසිඳු ටෙන්ඩර් පටිපාටියක් උල්ලංඝණය වී නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙයි.

මෙම කෘත්‍රිම පෙළ පොත් නිෂ්පාදනය කරනු ලබන්නේ වසර 05කට වරක් පමණක් වන හෙයින් වසරින් වසර පෙළ පොත් බෙදා හැරීම වෙනුවෙන් වැය වන පිරිවැය හා සැසදීමේදී කිසිසේත් අවසිදායක හෝ පාඩු සහිත කටයුත්තක් නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එබැවින් පදනම් විරහිතව කරුණු නිසි ආකාරව විමසා නොබලා මේ සම්බන්ධව විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

2017 වසර සඳහා 7 ශ්‍රේණිය භූගෝල විද්‍යා පෙළ පොත මුද්‍රණය කිරීමේදී කෘත්‍රිම කඩදාසි යොදාගනිමින් රුපියල් මිලියන 132ක පාඩුවක් සිදුකර ඇති බවට ලංකා ගුරු සේවා සංගමය පසුගියදා චෝදනාවක් එල්ල කළේය.

සබැඳි පුවත්
අමුතු පොතෙන් පාඩු කළැයි පැමිණිල්ලක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top