Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 30, 2016

'සහල් මාෆියාව පිටුපස ඉන්නේ ජනපති සොහොයුරෙක්‌'

සහල් හෝ වී මාෆියාව පිටුපස සිටින්නේ ඇමැති හැරිසන් නොවන බව මුළු රටම හොඳින් දන්නා බවත් ඒ පිටුපස සිටින්නේ ජනාධිපතිවරයකුගේ සොහොයුරෙකු විය හැකි බවත් නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ඊයේ (29 දා) සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

විදුලිය නිපදවීමේදී ඩීසල් මාෆියාවක්‌ ක්‍රියාත්මක වන ආකාරයටම වී සඳහා ද මාෆියාවක්‌ ක්‍රියාත්මක වන අතර ඊට වගකිවයුතු වන්නේ මහා පරිමාණ වි මෝල් හිමියන් කිහිප දෙනකු බවද නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

එවැනි අය මාධ්‍ය මගින් විවිධ ප්‍රකාශ කිරීමට පෙළෙඹෙන බව අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

හාල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් රජය සතු වී තොග නිසි ලෙස නිකුත් නොකිරීම නිසා යැයි අරලිය සහල් සමාගමේ ප්‍රධානී, ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ 27දා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

වී අලෙවි මණ්ඩලය සතු වී තොග වෙළඳපලට නිකුත් කිරීමට ජනාධිපති  හා අගමැති තීරණය කර තිබියදීත් ඇමතිවරයා නිසි ටෙන්ඩර් පටිපාටිය අනුව එය නොකළ බවත් ඔහු චෝදනා කළේය.

සබැඳි පුවත්


ජනාධිපති සොයුරාට මණ්ඩලයෙන් අභියෝගයක් !

'ඇමතිට දෙවියන්ගේ හාල් කැවිලා' - ජනාධිපති සොයුරු කියයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top