nsb

Dec 30, 2016

උතුරට පිටින් රා ගෙන එන්න බැරිවෙයි

දකුණේ සිට උතුරට මින් ඉදිරියට බෝතල් කළ රා ප්‍රවාහනය කිරීම හා විකිණීම තහනම් කරන යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මත කොට ඇත.

උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයින්කරනේසන්  විසින් මේ යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කොට ඇති අතර ඊට පළාත් සභාවේ සෙසු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී ඇත.

උතුරේ කාලාන්තරයක් සිට කෙරෙන රා මැදීමේ වෘත්තියට දකුණේ සිට පැමිණෙන බෝතල් කළ රා  බාධාවක් වී ඇති බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

දකුණේ සිට ගෙන එනු ලබන බෝතල් රා වල කෘත්‍රිම රසායන ද්‍රව්‍ය අන්තර්ගතව තිබීම හේතුවෙන් ගතවූ කාලයේ එම රා පානය කළ පිරිස විවිධ අසාත්මිකතාවයන්ට ගොදුරු වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මේ පිළිබදව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කොට හැකි ඉක්මනින් බෝතල් කළ රා උතුරට රැගෙන ඒම අත්හිටුවන  ලෙස ඔහු සභාවට දැණුම්දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top