Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 30, 2016

ජනපතිට අගමැතිට මරණ තර්ජනය කළ තරුණයාට ඇප

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විපක්ෂනායකවරයාට ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ මරණීය තර්ජන සිදු කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු ඇප මත මුදාහැර තිබේ.

රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප දෙකක් මත සැකකාර තරුණයා මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය  නියෝග කර තිබේ.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බැවින් ඇප ලබාදීමට විරෝධය පළ කරන බව  ‍රහස් පොලීසිය අධිකරණය හමුවේ ‍ප්‍රකාශ කර තිබේ.

එහෙත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් සිද්ධියට අදාළ මූලික පරීක්ෂණ කටයුතු අවසන් බැවින් සැකකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

 ඒ අනූව ඔහුට ඇප ලබාදීමටත් මීළඟ නඩු විභාගය ලබන මස 13 වැනිදා කැඳවීමටත් නියෝග කර ඇත.


සබැඳි පුවත්
ජනපතිට අගමැතිට තර්ජන කළ හඬපටය ගැන හෙළිවේ

ජනපතිට හා අගමැතිට තර්ජනය කළ තරුණයා යළි ඇතුළට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top