Dec 30, 2016

ඉන්දියාවට ඔළුව නවන්න බෑ කියා ඛනිජ තෙල් ලොක්කා අස් වෙයි!

ඛනිජ තෙල් සංස්‌ථාවේ සභාපති ටී. ජී. ජයසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තාවේ.

කැබිනට්‌ අනුමැතිය අනුව පවරා ගත් චීන වරායේ තෙල් ටැංකි දහසයක්‌ නිරීක්‍ෂණයට ගිය ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු ඊයේ (29 දා) පෙරවරුවේ ඉන්දියානු තෙල් සමාගමේ  නිලධාරීන් විසින් සිරකර තබා ගැනීමේ සිද්ධිය මේ සදහා හේතු වී ඇති බව වාර්තාවේ.

එම සිදුවීම පිළිබද පරීක්ෂණයක් පවත්වන ලෙස ඛනිජ තෙල් සංස්‌ථාවේ සභාපතිවරයා ඉල්ලා සිටි බවත් එයට නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා ඒ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් පැවසේ.

සබැදි පුවත්

තෙල් සංස්‌ථාවේ 3ක්‌ IOC නිවාස අඩස්සියේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top