nsb

Dec 31, 2016

අන්ධ අයට පෙනුම ලබාදෙන තාක්ෂණයක් !

අන්ධභාවයට පත් වූවන්ට පෙනීම ලබා දිය හැකි නව ක්‍රමයක් සොයා ගැනීමට එංගලන්ත වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත.

ලන්ඩනයේ මැන්චෙස්ටර් රෝයල් රෝහල සහ ලන්ඩනයේ මූර්ෆීල්ස් අක්ෂි රෝහල ඒකාබද්ධව සිදු කරන ලද දීර්ඝ කාලීන පර්යේෂණයකින් පසු ජීවිත කාලය තුළ හදිසියේ අන්ධභාවයට පත් වූවන්ට පෙනීම ලබා දිය හැකි මෙම යාන්ත්‍රීක ඇස (Bionic eye) නිර්මාණය කිරීමට හැකියාව ලැබී තිබේ.

ආර්ගුස් - 2 ලෙස නම් කර ඇති මෙම තාක්ෂණය අතිසූක්ෂ්ම කැමරාවක් සහිත උපැස් යුවළක් සහිතයි. එමඟින් ලබා ගන්නා දර්ශනය පිටතින් සවි කර ඇති පරිගණක පද්ධතියක් හා සම්බන්ධ වී මොළයට සංඥා ලෙස ලබා දීමක් සිදු වේ.

මේ ලබා ගන්නා දර්ශනය අදාළ පුද්ගලයාට දිස්වන්නේ රූපයක් ලෙසයි.

2017 වසරේ දී මෙය තෝරාගත් පුද්ගලයන් 10 දෙනකු යොදා ගනිමින් අත්හදා බැලීමට එංගලන්ත ජාතික සෞඛ්‍ය ආයතනය සූදානම්ව සිටියි.

මීට පෙර අත්හදා බැලීම් සඳහා යොදාගත් රෝගීන් අතරින් කීත් හේමන් නමැති 68 හැවිරිදි පුද්ගලයකුට මේ ක්‍රමය යටතේ යළි ලෝකය දැකීමට අවස්ථාව ලැබී ඇති බව වාර්තා වේ. ඔහු Retinitis pigmentosa නම් රෝගයට ගොදුරු වී දෘෂ්ටි විතානය අසල සෛල දුර්වල වීම හේතුවෙන් වසර 25 ක් තිස්සේ පෙනීම අහිමිව සිටි පුද්ගලයෙකි.

මෙම පරීක්ෂණ කණ්ඩායමේ මහාචාර්ය පවුලෝ සැටන්ගා ගාඩියන් පුවත්පත වෙත අදහස් දක්වමින් පවසන්නේ ඉදිරියේ දී මේ ක්‍රමය හරහා වයස් ගතවීමත් සමඟ සිදු වන අන්ධභාවය ඇතුළු සියලූම අක්ෂි ආබාධවලට පිළියම් සපයනු ඇති බවයි.

ඒ අනුව 2019 වසරේ සිට ලෝකයේ අන්ධභාවය තුරන් කරන මෙම නව උපකරණය ලෝකයට හඳුන්වා දෙනු ඇත.

(lankaevoice)

KeithH 600px 16 12 31

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top