Jan 01, 2017

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනයක් !

2017 රජයේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය මඟින් සියලූ අධිවේගී මාර්ගවල රාත්‍රී 9.00  සිට පාන්දර 5.00 දක්වා ධාවනය කරන රථවාහන සඳහා නියමිත ගාස්තුවෙන් රුපියල් 50ක මුදලක් අඩුකිරීමට තීරණය කර ඇත.

ඒ අනුව අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය කරනු ලබන සියලූම රථවාහන වෙනුවෙන් සංශෝධිත ක්‍රමයට මුදල් අය කිරීම සිදු කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ප්‍රකාශ කරයි.


සෙස් බද්ද :


2017 අයවැයෙන් යෝජනා කෙරුණු පරිදි, ඉදිකිරීම් කර්මාන්තයට අදාළ සියයට 25ක සෙස් බද්දද අද සිට ඉවත්වේ.

ආනයනික සීනි සඳහා සියයට දෙකක සෙස් බද්දක් සහ එතනෝල් සඳහා සියයට 5ක සෙස් බද්දක්ද අද සිට පැනවෙනු ඇත.

මේ අතර එළවලු සහ පළතුරු කර්මාන්තකරුවන් සඳහා සියයට 50ක ණය පොලී සහනාධාරයද අද සිට බලාත්මකවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top