nsb

Jan 02, 2017

එජාප මන්ත්‍රිවරුන්ට ජනපතිගෙන් සහතිකයක් !

ආණ්ඩුව ස්ථාවර නොමැති බවට පළ වන ප්‍රකාශවල කිසිඳු සත්‍යතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

ආණ්ඩුව පෙරළන බවට ඇතැම් පිරිස් කරන ප්‍රකාශ ද පදනම් විරහිත බවත්, ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබඳ ජනාධිපතිවරයා එජාප මන්ත්‍රීවරුන්ට ස්ථිර සහතිකයක් ලබාදුන් බවත් ඔහු කියා සිටියි.

බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමිනි.

“මේකේ සත්‍ය තත්ත්වය දැනගන්න අපිට ඕන වුණා. ඒ නිසා පසුපෙළ මන්ත්‍රිවරු ගිහින් ජනාධිපතිවරයා හමුවුණා. එතුමාගේ ස්ථාවරත්වයත් එක්ක මට පැහැදිළිව කියන්න පුළුවන්.. කවුරු දවල් හීන දැක්කත් එහෙම ආණ්ඩුව පෙරළන්න පුළුවන් කමක් ඇත්තෙ නැහැ. ආණ්ඩුව සහ ජනාධිපති ජනතාවට දුන් පොරොන්දු සියල්ල ඉටු කරලා තමයි ආණ්ඩුව අවසන් කරන්නෙ කියලා පැහැදිළිව අපි දැන ගත්තා.” යයි ඔහු එම උත්සවයේදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top