nsb

Jan 02, 2017

'වස විස මුසු සහල් වෙළඳ පොළේ'

මිනිස් පරිභෝජනයට නුසුදුසු වස විස මුසු කරන ලද සහල් තොගයක් මේ වනවිට වෙළදපොළට නිකුත් කර ඇති බැවින් සහල් මිලදී ගැනීමේදී කල්පනාකාරී වන ලෙස කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පෙරේදා (31) රාත්‍රියේ කුරුණෑගලදී මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාවට අනතුරු ඇඟවූහ.

එම විස සහිත සහල්වල සාම්පලයක්ද එහිදී ඔවූහු මාධ්‍ය වෙත ප්‍රදර්ශණය කළහ.

මීට වසර දෙකකට පමණ පෙරදී ඉන්දියාවෙන් ආනයනය කෙරුණු මෙට්‍රික් ටොන් 50,000ක් පමණ වන මෙම සහල් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි එකල නිර්දේශවීම හේතුවෙන් කිලෝවක් රුපියල් 38 බැගින් සත්ව ආහාර සදහා අලෙවි කෙරුණු බවත් එලෙස සත්ව ආහාර සදහා බව කියමින් එම සහල් තොග මිලදී ගත් ව්‍යාපාරිකයින් විසින් ඒවාට රසායනික ද්‍රව්‍ය යොදා ගබඩා කරගෙන තිබී රජය විසින් සහල් ආනයනය කිරීමට සැරසීමත් සමග එම විස සහිත සහල් තොග නව ඇසුරුම්වල අසුරා වෙළදපොළට නිකුත් කර ඇති බවත් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.

පෙරේදා වනවිට පිටකොටුවේ එම සහල් අලෙවි කරමින් තිබූ බවත් දින කිහිපයක් තුළ දිවයින පුරාම මෙම සහල් තොග බෙදාහැරෙනු ඇති බවත් ඔවූහු එහිදී පැවසූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top