Jan 02, 2017

සම්බන්ධන් හා සුමන්තිරන් ඉල්ලා අස්විය යුතුයි

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලා අස්විය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම හා බුද්ධාගම පමණක් රාජ්‍ය ආගම බවට පත් කිරීම සම්බන්ධයෙන් නව ව්‍යවස්ථාව හරහා කටයුතු කරන බවට රජය අදහස් පළ කොට තිබියදී සම්බන්ධන් මහතා හා සුමන්තිරන් මහතා එම මණ්ඩලයේ කටයුතු කිරීමෙන් පලක් නොමැති බව ඔහු සදහන් කරයි.

ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් වී උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ කාරණය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා රජය සමග තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු නොකරන තත්ත්වයක, සම්බන්ධන් මහතා සහ සුමන්තිරන් මහතා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ කටයුතු කිරීම දෙමළ ජනතාවට සිදු කරන ද්‍රෝහිකමක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top