nsb

Jan 02, 2017

ජාලිය වික්‍රමසූරිය වැලිකඩ රෝහලේ

රිමාන්ඩ් බාරයේ සිටින ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 11 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (02දා) නියෝග කළාය.

ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂ තිස් දහසක් අව භාවිත කළැයි ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ.

ඔහු අද  අධිකරණයට ඉදිරිපත් නොකළ බන්ධනාගාර නිලධාරීහු සැකකරු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව අධිකරණයට දැනුම්  දී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top