Jan 03, 2017

රනිල් ඉවත් කළ කොමසාරිස්ට මෛත්‍රී ලේකම්කමක් දීලා !

හිටපු ඉඩම් කොමසාරිස්‌ ආර්.පී.ආර්. රාජපක්‍ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අතිරේක ලේකම්වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කර තිබේ.

ඒ මහතා අද (03) අදාළ ධූරයේ වැඩභාරගෙන ඇති බව පැවසේ.

රාජපක්‍ෂ මහතා ඉඩම් කොමසාරිස්‌වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු සිය රාජකාරි නිසි ලෙස ඉටුනොකරන බවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් ඉඩම් කොමසාරිස්වරයාට කළ බලපෑමකට අනුව ඔහු අදාළ ධූරයෙන් ඉල්ලා අස්වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

සබැඳි පුවත්

ඉඩම් කොමසාරිස් ඉල්ලා අස්වීම දෙයි !

ඉඩම් කොමසාරිස්‌ට එරෙහිව පැමිණිල්ලක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top