Jan 03, 2017

හම්බන්තොට වරාය චීනයට දුන්නට වාසු නඩුදායි

හම්බන්තොට වරාය චීනයට බදුදීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනුකර තිබේ.

නඩු අංක 467/2016 යටතේ ගොනුකර ඇති මේ නඩුව ලබන ජනවාරි 07 වැනිදා කැඳවීමට නියමිත බවද වාර්තා වේ.

හම්බන්තොට වරාය සහ භූමිය අනූනව අවුරුදු බද්දට දී එම කාලය ගෙවී ගිය පසු තවත් අනූනව අවුරුදු බදු ගැනීමේ අයිතියකට යටත් කර තිබෙන බවත්, ආණ්‌ඩුව මෙය කුමන ආකාරයකින් විග්‍රහ කළත් එය විකිණීමක්‌ බවත් ඉන් ජනතාවට අයුතු හානියක් සිදුව ඇති බවත්, පවසමින් වාසුදේව මහතා අදාළ නඩුව ගොනුකර තිබේ.

වාසුදේව මහතා ශ්‍රී ලංකා රක්‌ෂණ සංස්‌ථාව කුණුකොල්ලයට විකිණීමට එරෙහිව ද අධිකරණයට ගිය අතර එහිදී රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට විකිණීම වරදක්‌ කොට සලකා ශ්‍රේෂ්ඨාධිකරණය එම ගනුදෙනුව අවලංගු කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top