Jan 04, 2017

ජනපති යාපනයේ සංචාරයක !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) යාපනයේ සංචාරයක නිරතවීමට නියමිත බව ජනාධිපති මාධ්‍යඅංශය කියා සිටී.

ජනපතිවරයාගේ යාපන සංචාරයේ අරමුණ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් මුණ ගැසීම බව පැවසේ.

සිරිසේන මහතා අද, පෙරවරු 11 ට පලාලි පිහිටි ගුවන් හමුදා මුලස්ථානයට අයත් ගුවන් තොටුපලට ලඟා වීමට නියමිතය.

ඉන් අනතුරුව යුද්ධයෙන් මියගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් භටයින්ට සිහිකිරීමේ අවස්ථාවකට එක්වීමට නියමිත අතර පසුව පලාලි පිහිටි ගුවන් හමුදා මූලස්ථානයේදී ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සියලුම ඉහළ පෙලේ නිලධාරීන්ට දේශනයක් පැවැත්වීමද නියමිත බව වාර්තා වේ.

වැඩසටහන අවසානයේ ඉහළ පෙලේ නිලධාරීන් සමග දිවා ආහාරයද ලබා ගැනීමට නියමිතව ඇත.

පස්වරු 2.15 ට යාපනේ ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයට පිටත්ව යන ජනපතිවරයා එහිදී " Tell to President " වැඩසටහනේ තවත් නිල කාර්යාලයක්  විවෘත කිරීමට නියමිතය.

ඉන්පසු පස්වරු 4.15 ට යාපනේ කොටුව පිහිටි වියායම් මංතිරුව අසල රුක් රෝපණ වැඩසටහනකට සහභාගීවීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top