Jan 04, 2017

සීමා නිර්ණය වාර්තාවට ශ්‍රීලනිප සමාජික අත්සන ගහයි

පළාත් පාලන ආයතනවලට අදාළ සීමා නීර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් මහතා අද (04) අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, එජාපය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නීතීඥ එස්. මිස්බා මහතා ඒ සඳහා තවමත් අත්සන් තබා නොමැති බව වාර්තාවේ.

පස් දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් සහ එජාපය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නීතීඥ එස් මිස්බා යන සාමාජිකයන් එයට අත්සන් තබා නොතිබීම නිසා සීමා නීර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාව භාරගැනීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් පසුගියදා ප්‍රතික්ෂේප කර තිබිණි.

නෛතික තත්වය පිළිබඳ අවධානය යොමු කොට එය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව මුස්තාපා මහතා එහිදී පවසා තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top