Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 04, 2017

නාගවිහාර මහ නාහිමි වෙන්න ගිය හිමිනම කොරියාවට පිටුවහල්

අපවත්වී වදාළ  පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි විසින් හෙබවූ කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති ධුරය ලබා ගැනීමට පොරබැදූ එක් හිමි නමක් කොරියාවට පිටුවහල් කර තිබේ.

මෙසේ පිටුවහල්කර ඇත්තේ බ්යුං මූන් ඕ (Byung Moon Oh) නැමැත් කොරියානු ජාතික භික්ෂුවකි.

තායි එයාවේස් ගුවන් සේවයට අයත් TG 308 දරණ ගුවන් යානයෙන් අද අළුයම 1. 15 ට එහිමි කොරියාවට පිටුවහල් කළ බව ගුවන් තොටුපල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ආගමන විගමන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එහිමිනම කොරියාවට පිටුවහල් කර ඇති අතර එහිමියෝ එසේ පිටුවහල් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය නොමැති වීම නිසාය.

එහිමියෝ පිටුවහල් කිරීමට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස් බී නාවින්න මහතාද මැදිහත්වී ඇතැයි වාර්තා වේ.

පැය 4 ක පමණ මෙහෙයුමකින් පසුව ආගමන විගමන නිලධාරීන් විසින් මේ හිමිනම අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියට රැගෙන ගොස් ඇති අතර ඒ හිමියන්ට සහාය දැක්වූවන් මේ සදහා විශාල විරෝධයක් දක්වා ඇත.

බ්යුං මූන් ඕ (Byung Moon Oh) නැමැත් මේ භික්ෂුව ලංකාවට මුල්වරට පැමිණ ඇත්තේ 1987 වසරේදී වන අතර සෝභිත හිමි මුල්වරට එහිමිට මුණ ගැසී ඇත්තේද එම වසරේදීය.

මෙරටට පැමිණෙන විට මහායාන බුදුදහම සරණගොස් සිටි එහිමි සෝභිත හිමිගේ මඟ පෙන්වීමෙන් 2000 වසරේදී ථෙරවාදී බුදු දහම වැළඳගෙන තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top