Jan 04, 2017

බෝම්බ 'ඔත්තුව' දුන් තරුණියට ඇප (UPDATE)

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි පවසා පොලිසියට බොරු දුරකථන ඇමැතුමක් ලබාදුන් බව කියන තරුණියට තරයේ අවවාද කර ලක්ෂ දෙකක ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (04) නියෝග කළාය.

කඩවත පදිංචි තරුණියක වන ඇය පෙම්වතා සමග ඇති වු අමනාපයක් මත මෙය සිදුකර ඇති බවද පොලිසිය කියයි.

නඩුව ලබන 27 වැනි දා යළි කැඳවීමට නියමිතය.

---------

බදුලු දුම්රියේ බෝම්බය ප්‍රේම කතාවක උඟුලක්


කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති බවට පසුගියදා පොලිසියට බොරු දුරකතන ඇමැතුමක් ලබාදුන් බව කියන තරුණිය මීට මද වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කඩවත පදිංචි තරුණියක වන ඇය පෙම්වතා සමග ඇති වු අමනාපයක් මත මෙය සිදුකර ඇති බව පොලිසිය කියයි.

සැකකාරිය අද (4දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිසිය කළ විශේෂ විමර්ශනයකදී හෙළිවී ඇත්තේ ඇගේ පෙම්වතා වෙනත් තරුණියක සමග විවාහ වීමට අදාළ දුම්රියෙන් යන බවට ලැබුණ තොරතුරක් මත එම දුම්රිය නවත්වා ගැනීම සදහා මෙම තරුණිය මෙම ඇමතුම ලබා දී ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top