Jan 05, 2017

අර්ජුන ජයගනී - හම්බන්තොට වරාය පැවරීම කල් යයි

හම්බන්තොට වරාය ප්‍රතිසංවිධානයට අදාළව 'චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩින්' සමාගම සමග ගිවිසුම් ගතවීම ජනවාරි මස අග දක්වා කල් දැමීමට රජය තීරණය කල බව ඇමති මලික් සමරවික්‍රම මහතා පවසයි.

මෙම ගිවිසුම් අත්සන් කිරීමට එරෙහිව වරාය විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා බලවත් විරෝධයක් පළකර සිටියේය.

අදාල ගිවිසුමේ පාරදෘශ්‍ය බව රකින ලෙස අර්ජුන රණතුංග මහතා මෙම ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින ලේකම්වරුන්ගේ කමිටුවට දැඩි බලපෑමක් එල්ල කර තිබිණ.

ඒකාබද්ධය සී.අයි.ඩී.යටත් යයි:


ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ද පසුගිය 02 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක්‌ යොමුකරමින්, හම්බන්තොට වරාය ගිවිසුම තුලින් මෙරටට ජාතික හා ආර්ථික වශයෙන් බැරෑරුම් හා අවදානම් තත්ත්වය ඇතිවන බවට අනතුරු අඟවා තිබිණ.

මේ අතර, හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීමෙන් දූෂිත ගනුදෙනුවක්‌ සිදුව ඇති බවට චෝදනා කරමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතාට, අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්‌කරලිංගම් මහතාට, වරාය අමාත්‍යාංශ නිලධාරීන්ට හා අදාළ ලේකම් කමිටුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (04 දා) පැමිණිලි කරන ලදී.

හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට රුපියල් බිලියන 330 ක මුදලක්‌ අහිමි කිරීමෙන් මහා පරිමාණ දූෂණයක්‌ සිදුව ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

'ජාතික කර්තව්‍යයක් :


කෙසේවුවද කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ (04) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ආණ්ඩුවේ සම මාධ්‍ය ප්‍රකාශක, ඇමති රාජිත සේනාරත්න මහතා පැවසුයේ, හම්බන්තොට වරාය චීන සමාගකමට පැවරීමේ ව්‍යාපෘතිය
ආරම්භ කිරීම සඳහා ලබන 7 වැනිදා මුල්ගල් තබන බවයි.

කුමන විරෝධතා පැමිණියත් හම්බන්තොට වරාය චීන සමාගකමට පැවරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එය 'ජාතික කර්තව්‍යයක්' බවත් ඇමතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.


සබැඳි පුවත්

අර්ජුන රතු එලි දල්වයි - තීරණාත්මක ලිපියක් ලියයි
අවදානම් තත්ත්වයක් : දිනේෂ් ජනපතිට ලියයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top