Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 05, 2017

ජනාධිපතිවරයා මුසම්මිල්ගේ 'පාටියට' ගිහින්

ජනාධිපතිවරයා අසනීප තත්වයකින් පසුවන බවට සමාජ මාධ්‍ය ජාලා වාර්තා කරද්දී, ඔහු පෙරේදා (03) රාත්‍රී කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා වෙනුවෙන් සංවිධානය කර තිබු රාත්‍රී භෝජන සංග්‍රහයක පැමිණ බොහෝ වෙලාවක් සුහඳ කතාබහක නිරතව සිටිබව වාර්තාවේ.

කොළඹ කින්ස්බරි හෝටලයේ පැවති එම භෝජන සංග්‍රහය සංවිධානය කර ඇත්තේ, මුසම්මිල් මහතා නව මැලේසියානු තනාපතිවරයා වශයෙන් පත්ව යාම නිමිත්තෙනි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැලේසියානු නව තානාපති ධුරය සදහා පිටත්ව යන මුසම්මිල් මහතාට සුභපැතුම් එක්කර තිබේ.

මෙම භෝජන සංග්‍රහයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක  කුමාරණතුංග, අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රවී කරුණානායක, මලික් සමරවික්‍රම ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක්ද, මුසම්මිල් මහතාගේ පවුලේ සාමාජිකයින් විශාල පිරිසක් ද සහභාගී වී ඇත. 

Party

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top