Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 05, 2017

බන්ධනාගාර ඉතිහාසයට එක් වන අලුත්ම සිදුවීම

කෝටිපති ව්‍යාපාරික මොහාමඩ් සියාම් ඝාතනයට අදාළව මරණ දඬුවම නියම ඇති හිටපු උප පොලිස් පරික්ෂක බී.ඒ. ලක්මිණී ඉන්දික බමුණුසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති බාහිර උපාධිය සමත්ව ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ එවැනි ආකාරයක සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන අතර බන්ධනාගාර කුටියේ සිට පාඩම් කර ඔහු පසුගිය දා උපාධි විභාගයට පෙනී සිටියේය.

උපාධි ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා අද (05දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, උපාධිය ලබා ගැනීම සඳහා ඔහුට එහි යෑමට කොමසාරිස් ජනරාල්වරයා අවසර ලබා දුන් බව වැලිකඩ බන්ධනාගාර අධිකාර චන්දන ඒකනායක මහතා කියා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top